ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සුසාන භූමි

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සභාව සතු සුසාන භූමි නඩත්තු කරමින් පවත්වාගෙන යාම ප්‍රාදේශීය සභාව මගින් සිදු කරනු ලැබේ.

ආදාහනාගාර භූමිය තුළ හා සුසාන භූමි තුළ ස්මාරක ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාදීම

මේ සඳහා ස්මාරකයේ ප්‍රමාණය, මියගිය පුද්ගලයා එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වූවෙකු බවට වන ලිපියක් සමග ඉල්ලීම් ලිපියක් ප්‍රාදේශීය සභාවේ ලේකම් / සභාපති වෙත ඉදිරිපත් කළ යුතුය. තාක්ෂණ නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් අනුමැතිය ලබාදෙනු ලැබේ.

ස්මාරක ඉදිකිරීම සඳහා ගාස්තු අය කිරීම

01. විලේගොඩ ආදාහනාගාරය සහිත සුසාන භූමිය තුළ ස්මාරක ඉදිකිරීම සඳහා
   (අවුරුදු 05ක් සඳහා) (ස්මාරකයේ ප්‍රමාණය වර්ග අඩියකට) - රු. 10,000.00
02. සභාව සතු අනෙකුත් සුසාන භූමි තුළ ස්මාරක ඉදිකිරීම සඳහා
   (ස්මාරකයේ ප්‍රමාණය වර්ග අඩියකට) - රු. 5,000.00

 

Front

Back

An Error Occurred: Whoops, looks like something went wrong.

Sorry, there was a problem we could not recover from.

The server returned a "500 - Whoops, looks like something went wrong."

Help me resolve this