ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

උතුරින් කොළඹ දිස්ත්‍රික්කය, බටහිරින් කළුතර දිස්ත්‍රික්කය, නැගෙනහිරින් කෑගල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක වලින් ද, දකුණින් කුරුවිට ප්‍රාදේශීය සභා සීමාවෙන් ද වෙන්ව පවතින සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව වර්ෂ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ වර්ෂ 1991-07-01 දින සිට සංස්ථාපනය විය. ව.කි.මීටර් 139ක් පුරා ව්‍යාප්තව පවතින ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 44කින් සමන්විත වේ. බල ප්‍රදේශය තුළ විසිරී සිටින 81,062ක පමණ වන සේවාලාභී ජනතාවකගේ අවශ්‍යතාවයන් සඳහා සෞඛ්‍ය සේවා, ජල සේවා, සමාජ උපයෝගිතා සේවා, භෞතික සැලසුම් මං මාවත් ඉඩම් හා ගොඩනැගිලි සේවා, සමාජ සුබ සාධන සේවා හා පොදු පරිපාලන සේවා නොපිරිහෙලා ඉටුකරලීම පිණිස ප්‍රාදේශීය සභාවේ වර්තමාන ලේකම් ධූරය හොබවනු ලබන ටී.ආර්.සී.කේ ගුණසේකර මහතා ඇතුළු සියළු කාර්ය මණ්ඩලය ඇපකැප වී සිටී.
ගරු සභාපතිතුමාගේ ප්‍රකාශය
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා පරිපාලන ව්‍යුහය තුළ පළාත් පාලන ආයතනයක් වශයෙන් ජනතාවගේ සුභ සාධනය සහ සුඛ විහරණය පිණිස මහජන සෞඛ්‍ය, මං මාවත්, පොදු උපයෝගීතා සේවා, මැනවින් වටහාගෙන එම සියළු පහසුකම් ආරක්ෂා කර දීම, විධිමත් කිරීම, පාලනය කිරීම සඳහාත් යහපත් වූ සමාජ ප්‍රගමනයක් සඳහා යහපත් වූ භෞතික වටපිටාවක් නිර්මාණය කිරීම හා නිර්මාණශීලී හා නිවැරදි කළමනාකාරීත්වයකින් යුතුව සුහදශීලී හා ප්‍රශස්ථ මට්ටමේ සේවාවක් සැපයීමට මා ඇතුළු ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලයත් කාර්ය මණ්ඩලයත් නිරතුරුව කැපවී සිටින්නෙමු. නව්‍යකරණය වෙත සීඝ්‍රයෙන් ගමන් ගන්නා ලොව තුළ, තාක්ෂණික ප්‍රවේශයන් අතික්‍රමණය කරමින් ඒ ඔස්සේ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සියලු සේවාවන් හා කටයුතු ඔබ වෙත සමීප කිරීම අපගේ ඒකායන අරමුණයි.
බන්ධුලසේන දුණුවිල
සභාපති
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව
2027 වර්ෂයේ අය-වැය ලේඛනය සකස් කිරීම සඳහා මහජන යෝජනා කැඳවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඔබගේ නව යෝජනා 2026 ජූනි මස 30 වන දිනට පෙර https://forms.gle/Js8tzhrQYRtXaNy48 මෙම ලින්ක් එක වෙත පිවිස හෝ පහත සඳහන් QR කේතය වෙත පිවිස හෝ ˝සභාපති˝, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව, ඇහැලියගොඩ යන ලිපිනයට තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාර දෙන ලෙස මෙයින් දැනුම් දෙනු ලැබේ.



ඇහැලියගොඩ දියඇළි සුන්දරත්වය විඳගන්න සොබාදම් මවගෙන් දායාද වූ ජල සම්පත්ගේ ආශ්වාදය,
ඒ ආශ්‍රිත පරිසර සුන්දරත්වය
සුරකිමින් රැකගනිමින් විඳගැනීම
පරිසර හිතකාමී ඔබගේත් අපගේත්
යුතුකමකි. වගකීමකි.
ඇහැලියගොඩ දියඇළි සුන්දරත්වය විඳගන්න







