ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව
  • Home
  • අපගේ සේවා
    • ආදායම් අංශය
    • සංවර්ධන අංශය
    • ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය
    • ආදාහනාගාරය
    • සුසාන භූමි
    • ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන
    • මහජන පුස්තකාල
    • ශ්‍රවණාගාරය
  • ලේඛණ
    • සේවා සඳහා අයදුම්පත්
    • පුරවැසි ප්‍රඥප්තිය
    • වාර්ෂික වාර්තා
    • අයවැය ලේඛණ
    • මුල්‍ය ප්‍රකාශන
    • සභා වාර්තා
    • අතුරු ව්‍යවස්ථා
    • වෙන්දේසි දැන්වීම්
    • ප්‍රසම්පාදන දැන්වීම්
    • විගණන වාර්තා
  • අප ගැන තොරතුරු
    • ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
    • සිතියම්
    • සභා විකාශනය
    • සභාව සතු සම්පත්
    • සංවිධාන ව්‍යුහය
    • ඉලක්ක හා පරමාර්ථ
    • ජයග්‍රහණ
    • සභික මණ්ඩලය
  • සංචාරක ස්ථාන
    • සංචාරක ස්ථාන
    • පූජනීය ස්ථාන
  • තොරතුරු පනත
    • තොරතුරු පනත
  • විද්‍යුත් සේවා
    • නිල බ්ලොග් අඩවිය
    • නිල ෆේස් බුක් පිටුව
    • නිල යූටියුබ් චැනලය
  • පැමිණිළි හා යෝජනා
    • පැමිණිළි හා යෝජනා
    • Whatsapp පණිවිඩ

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.

EheliyagodaPsLogoSm

උතුරින් කොළඹ දිස්ත්‍රික්කය, බටහිරින් කළුතර දිස්ත්‍රික්කය, නැගෙනහිරින් කෑගල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක වලින් ද, දකුණින් කුරුවිට ප්‍රාදේශීය සභා සීමාවෙන් ද වෙන්ව පවතින සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ පිහිටි ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව වර්ෂ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ වර්ෂ 1991-07-01 දින සිට සංස්ථාපනය විය. ව.කි.මීටර් 139ක් පුරා ව්‍යාප්තව පවතින ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 44කින් සමන්විත වේ. බල ප්‍රදේශය තුළ විසිරී සිටින 81,062ක පමණ වන සේවාලාභී ජනතාවකගේ අවශ්‍යතාවයන් සඳහා සෞඛ්‍ය සේවා, ජල සේවා, සමාජ උපයෝගිතා සේවා, භෞතික සැලසුම් මං මාවත් ඉඩම් හා ගොඩනැගිලි සේවා, සමාජ සුබ සාධන සේවා හා පොදු පරිපාලන සේවා නොපිරිහෙලා ඉටුකරලීම පිණිස ප්‍රාදේශීය සභාවේ වර්තමාන ලේකම් ධූරය හොබවනු ලබන ටී.ආර්.සී.කේ ගුණසේකර මහතා ඇතුළු සියළු කාර්ය මණ්ඩලය ඇපකැප වී සිටී.

 

ගරු සභාපතිතුමාගේ ප්‍රකාශය
EheliyagodaChermanඇහැලියගොඩ ප්‍රාදේශීය සභා පරිපාලන ව්‍යුහය තුළ පළාත් පාලන ආයතනයක් වශයෙන් ජනතාවගේ සුභ සාධනය සහ සුඛ විහරණය පිණිස මහජන සෞඛ්‍ය, මං මාවත්, පොදු උපයෝගීතා සේවා, මැනවින් වටහාගෙන එම සියළු පහසුකම් ආරක්ෂා කර දීම, විධිමත් කිරීම, පාලනය කිරීම සඳහාත් යහපත් වූ සමාජ ප්‍රගමනයක් සඳහා යහපත් වූ භෞතික වටපිටාවක් නිර්මාණය කිරීම හා නිර්මාණශීලී හා නිවැරදි කළමනාකාරීත්වයකින් යුතුව සුහදශීලී හා ප්‍රශස්ථ මට්ටමේ සේවාවක් සැපයීමට මා ඇතුළු ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී මණ්ඩලයත් කාර්ය මණ්ඩලයත් නිරතුරුව කැපවී සිටින්නෙමු.  නව්‍යකරණය වෙත සීඝ්‍රයෙන් ගමන් ගන්නා ලොව තුළ, තාක්ෂණික ප්‍රවේශයන් අතික්‍රමණය කරමින් ඒ ඔස්සේ ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සියලු සේවාවන් හා කටයුතු ඔබ වෙත සමීප කිරීම අපගේ ඒකායන අරමුණයි.

බන්ධුලසේන දුණුවිල
සභාපති
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව

 

 

ලේකම්තුමාගේ පණිවිඩය

NalinSecEheliyagodaතොරතුරු තාක්ෂණය භාවිතයෙන් සේවාවන්වල විනිවිදභාවය හා තොරතුරු දැනගැනීමේ අයිතිය සේවාලාභීන් වෙත ලබා දෙමින් ප්‍රදේශය විධිමත් සංවර්ධනය කරා යොමු කිරීම මෙම සභාවේ අරමුණ වේ. තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ඉදිරියට යන ලෝකයේ තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඔබගේ එදිනෙදා සේවා අවශ්‍යතා කඩිනමින් හා විනිවිදභාවයෙන් යුතුව කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අප සමඟ එක් වන ලෙසට ඇරයුම් කරමි.

ආර්.ඩී.නලින් පුෂ්පකුමාර
ලේකම්
ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව

 

Vison 

 

2027 වර්ෂයේ අය-වැය ලේඛනය සකස් කිරීම සඳහා මහජන යෝජනා කැඳවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. ඔබගේ නව යෝජනා 2026 ජූනි මස 30 වන දිනට පෙර https://forms.gle/Js8tzhrQYRtXaNy48 මෙම ලින්ක් එක වෙත පිවිස හෝ පහත සඳහන් QR කේතය වෙත පිවිස හෝ ˝සභාපති˝, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව, ඇහැලියගොඩ යන ලිපිනයට තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාර දෙන ලෙස මෙයින් දැනුම් දෙනු ලැබේ.

011

011T

 

 

2026 Helaisara

ඇහැලියගොඩ දියඇළි සුන්දරත්වය විඳගන්න සොබාදම් මවගෙන් දායාද වූ ජල සම්පත්ගේ ආශ්වාදය,
ඒ ආශ්‍රිත පරිසර සුන්දරත්වය
සුරකිමින් රැකගනිමින් විඳගැනීම
පරිසර හිතකාමී ඔබගේත් අපගේත්
යුතුකමකි. වගකීමකි.

ඇහැලියගොඩ දියඇළි සුන්දරත්වය විඳගන්න

DSCN1139

 

 

0111

011201130115

 

 

 

 

සම්බන්ධීකරණ තොරතුරු

ලිපිනය :
ප්‍රාදේශීය සභාව,
ඇහැලියගොඩ

දුරකථන අංකය :
036 2258012

ෆැක්ස් අංකය :
036 2258014

ලේකම්  :

විද්‍යුත් ලිපිනය :
ehelips@gmail.com

අලුත් පුවත්

  • “ජාතික නිවාස සංවර්ධන වැඩසටහන” සමගාමීව ඇහැලියගොඩ සිරිසමන්පුර...
    ...
  • ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉද්දමල්ගොඩ මිටිපො...
    ...
  • ජාතික පරිසර සතිය – 2026 – ඇහැලියගොඩ නගරයේ වෙළඳ ප්‍රජාව හා මහ...
    ...
  • “ජාතික නිවාස සංවර්ධන වැඩසටහන” සමගාමීව ඇහැලියගොඩ සිරිසමන්පුර...
    ...
  • ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඉද්දමල්ගොඩ මිටිපො...
    ...
  • ජාතික පරිසර සතිය – 2026 – ඇහැලියගොඩ නගරයේ වෙළඳ ප්‍රජාව හා මහ...
    ...

SMFront Image

 

 

SusanaBoomi Notes Temp

 

ප්‍රසම්පාදන දැන්වීම්

ප්‍රජා පාදක සංවිධාන සඳහා සෘජු කොන්ත්‍රාත් පිරිනැමීම බාගත කරන්න

වැඩ විෂයන් කිහිපයක් සඳහා සුදුසුකම් ලත් ලංසුකරුවන්ගෙන් මිළ ගණන් කැඳවනු ලැබේ බාගත කරන්න

 වැඩ විෂයන් කිහිපයක් සඳහා සුදුසුකම් ලත් ලංසුකරුවන්ගෙන් මිළ ගණන් කැඳවනු ලැබේ බාගත කරන්න

වෙන්දේසි දැන්වීම් 

ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ඇහැලියගොඩ පොළ භූමියේ පිහිටි මාරගස එම ස්ථානයේ දී 2026-09-02 පෙ.ව.10.00ට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු යොදා ඇත. බාගත කරන්න

"ඇහැලි සර" විද්‍යුත් සඟරාව

Cover

"ඇහැලි සර" විද්‍යුත් සඟරාව මංගල කලාපයට මෙතැනින් පිවිසෙන්න